අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) –2019 වර්ෂය සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අයවැය දෙවන වර කියැවීම වැඩි ඡන්ද 43කින් ඊයේ (12) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව අයවැය දෙවැනි වර කියැවීම සඳහා පක්ෂව ඡන්ද 119ක් සහ විපක්ෂව ඡන්ද 76ක් ලැබුණි. ඒ අනුව 2019 වසර සඳහා වන අයවැය දෙවැනි වර කියැවීම පාර්ලිමේන්තුවේ සම්මත වූ බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.

මෙහිදී පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර දෙමළ ජාතික සන්ධානය එකසත් ජාතික පක්ෂය සමඟ එක්ව අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. මෙවර අයවැයට ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 30 දෙනෙක් සභාවේ නොසිටි අතර ඉන් බහුතරයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන් බව වාර්තා වේ.

එසේම මෙවර ජන්ද විමසීම ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට පවත්වනු ලැබූ නමුත් ඇතැම් මන්ත්‍රීවරුන්ට ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට ජන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම නිසා සාමාන්‍ය පරිදි ඡන්දය විමසා බැලීමට කතානායක කරු ජයසුරිය මහතා පියවර ගනු ලැබීය.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (13)ට සිට අප්‍රේල් මස 05 වැනි දින දක්වා පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *