බොරැල්ල OIC මියයෑම රටට කැළලක් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් මිය යෑම මුළු රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම අනතුර සිදුකළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, එක් වාහනයකින් ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පලායන අතර අනෙක් වාහනය එය වාර්තා නොකිරීම සිදුකර ඇති බවත්, එම කාරණා දෙකම වැරදි බවත් අගමැති පවසයි. වරදකරුවන් සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් සිදුනොකරන බව අගැමති පවසයි.

අය වැය කාරකසභා අවස්ථාවේ විවාදය අස(13) ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව ශක්තිමත් කර ඇති බවත්, පාර්ලිමේන්තුව ඇත්තේ ජනතා වරමට අනූව ක්‍රියාත්මක වීමට බවත්ය.

පාර්ලිමේන්තුව ශක්තිමත්වීම පිළිබඳව අප ආඩම්බර විය යුතු බවත්, පාර්ලිමේන්තුව තුල ඇත්තේ මිරිස්කුඩු විපක්ෂයක් බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන ශ්‍රේෂ්ඨාධිකරණයක් බවට අද පෙන්නුම් කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කරනනේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කොමිෂන් සභා පිහිටුවා ඇති අතර පොලීසිය මත්ද්‍රව්‍යවලට විරුද්ධව කටයුතු කිරීම හැකිව ඇත්තේ, පොලිස් කොමිෂම නිසා බව ද විවාදයේ දී අගමැතිවරයා පැවසීය.

ලංකාව තුල සියලු සංවර්ධනයක් දක්නට ඇති බවත් කර්මාන්ත කලාප පිහිටුවීටම ක්‍රියාකර ඇති බවත් මෙරට දෙවැනි විශාලතම තෙල් පිහිපහදුව හම්බන්තොට ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත්, ප්‍රකාශ කල අගමැතිවරයා රජය සිටින්නේ ජනතාව සමග බවට අද පාර්ලිමේනතුවේ දී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *