ආනයනික කිරිපිටි සඳහා යෝජිත මිල සුත‍්‍රයට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – ආනයනික කිරිපිටි සඳහා යෝජිත මිල සුත‍්‍රයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පාරිභෝගිකයන්ට , රජයට සහ කිරිපිටි කර්මාන්තයේ යෙදෙන්නන්ට ප‍්‍රතිලාභ හිමිවන පරිදි ආනයනික කිරිපිටි සඳහා මිල සුත‍්‍රයක් යෝජනා කිරීමට පියවර ගෙන ඇත. ඒ ජාත්‍යන්තර වෙළෙඳපොලේ පවතින මිල සහ විනිමය අනුපාතයෙහි වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් ය.

මෙම මිල සුත‍්‍රය පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරවීම සැලැස්ම වේ. ඒ සඳහා අමාත්‍ය පී හැරිසන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *