‘සිසු සැරිය’ට බස් 100ක්

(කොළඹ, ලංකාපුවත්) –පාසල් දරුවන්ගේ ගමනා ගමන පහසුව සඳහා ‘සිසු සැරිය’ බස් රථ සියයක් මේ වසරේ ධාවනයට එක් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

‘සිසු සැරිය’ බස් රථ සේවාව සඳහා දැනට බස්රථ 1400 ක් ධාවනය කළ ද පාසල් දරුවන් දිනෙන් දින වැඩි වීමත් සමඟ හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණින් සිසු සැරිය බස්රථ සේවාව දියුණු කිරීමට කටයුතු කරන බව ජාතක ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පවසයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා ගේ උපදෙස් මත මේ වසරේ ‘සිසු සැරිය’ ‘ගැමි සැරිය ‘හා ‘නිසි සැරිය’ බස්රථ සේවාව දියුණු කිරීමට සඳහා මහා භාණ්ඩාගාරයේ රුපියල් මිලියන 700 ක් ඉල්ලා තිබෙනවා. එම මුදල් ලැබුණු විගස අදාළ සේවාවන් සඳහා කිසිදු ප්‍රමාදයකින් තොරව මුදල් ලබාදීමට කටයුතු කෙරෙන බවද ජනක මල්ලිමාරච්චි මහතා පවසයි. නොවැම්බර් ,දෙසැම්බර් මාසවල ‘සිසු සැරිය බස්රථ’ සේවාව සඳහා මුදල් ගෙවීමට ප්‍රමාද වුයේ වර්ෂ අවසානයේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කිරීමට පොඩි ප්‍රමාදයක් සිදුවුණ නිසාය. නමුත් ‘සිසු සැරිය බස් රථ’ සඳහා මේ මාසය අවසන් වීමට පෙර සියළුම මුදල් ගෙවීම් අවසන් කරනු ඇත. සිසු සැරියෙන් පාසල් සේවය , ‘ගැමි සැරිය’ කිසිඳු බස් රථයක් ධාවනය නොවන ප්‍රදේශවලට බස්රථ ධාවනය කිරීම හා නිසි සැරිය රාත්‍රී ගමන් වාර සඳහා බස්රථ සේවාවන් පවත්වාගෙන යනු ඇත.මෙම ව්‍යාපෘති තුනම සමාජ සහනාධාර ලබන සේවා විධිහට යන බැවින් මේ සියළු සේවාවන් සඳහා ගෙවීම් ජාතික ගමනා ගමන කොමිසන් සභාව මඟින් ගෙවීම් ‍සිදු කෙරේ. අදාළ සේවාවන් සඳහා බලපත්‍ර පළාත් ප්‍රවාහන අධිකාරිය නිකුත් කෙරෙනු ඇත.’සිසු සැරිය බස් සේවාව’ සඳහා ධාවනය වන එක් කිලෝ මීටරයකට රුපියල් 57/- ක්ද,’ ගැමි සැරිය’ සේවාවට එක් කිලෝමීටරයක් සඳහා රුපියල් 38/- මුදලක්ද නිසි සැරිය සඳහා එක් කිලෝමිටරයකට රුපියල් 19/- මුදලක්ද ගෙවිමට පියවර ගෙන ඇතැයිද ජනක මල්ලිමාරච්චි මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *