(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් මස පළමුවැනිදා සිට වතු කම්කරුවන් සඳහා රුපියල් පනහක විශේෂ දිමනාවක් ලබා දීමට තීරරණය කර ඇති බවත් ඒ අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 800ක් දක්වා වැඩි වන බවත් ඊයේ (13) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
දෙමළ ප්‍රගතිශීලි නායකයන්, වතු කම්කරු ජනතාව නියෝජනය කරන කණ්ඩායම් හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අයවැයෙන් පොරොන්දු වූ පරිදි තේ මණ්ඩලයේ ප්‍රතිපාදන මඟින් මෙම රුපියල් 50ක මුදල ලබා දීමටද නියමිතය.
මේ අනුව රුපියල් 700ක් වන වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට විශේෂ දීමනාවක් ලෙස එක් කළ මෙම රුපියල් 50ද සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලත් තවත් රුපියල් 20ක දීමනාවකුත් සහිතව සමස්ත වැටුප රුපියල් 800ක් දක්වා වැඩි වීම සිදුවේ.