ගංවතුරෙන් හානි වූ පාසල් 142කට තාක්ෂණ උපකරණ

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය වසරේ පළාත් කිහිපයකට ඇති වූ ගං වතුරෙන් හානියට පත් පාසල් 142ක් සඳහා තාක්ෂණ උපකරණ ප‍්‍රදානය අද (14)සිදුකෙරේ.

අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී එය සිදුවේ.

විපතට පත් පාසල් ගොඩනැගිලි නැවත ඉදිකිරිම හා ප‍්‍රතිසංස්කරණ කටයුතු පසුගිය වසරේ සිටම ආරම්භ කර තිබේ. ළඟම පාසල හොදම පාසල ව්‍යපෘතියේ ප‍්‍රතිපාදන මඟින් මෙම උපකරණ ප‍්‍රදානය සිදුකිරිමට සැලසුම් කර ඇත. ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 101කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *