බ්‍රසීලයේ පාසලක වෙඩිතැබීමකින් 08ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 08 දෙනෙක් මියගොස් තිබේ.

ඉන් 5 දෙනෙක් පාසල් ළමුන් බව වාර්තා වේ.

වෙඩි තැබීම සඳහා දෙදෙනෙකු පැමිණ ඇති අතර, ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් සියදිවි හානි කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔවුන් දෙදෙනා වයස අවුරුදු 17 හා 25 යන වයස්වල පසුවන්නන්ය. දෙදෙනාම එම පාසලේ ආදි සිසුන් බව සදහන් වේ. ප්‍රහාරකයින් සතුව තිබූ පිස්තෝලයක් හා දුනු ඊතල ද තිබී හමුවී තිබේ.

මෙම සිද්ධියේදී 17දෙනෙකු තුවාල ලබා ඇතැයි ද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *