වැය ශීර්ෂ 21ක් සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) – ඡන්දයකින් තොරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය ඇතුළු තවත් වැය ශීර්ෂ 21ක් ඊයේ (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

සම්මත කිරීම සඳහා ශිර්ෂ අංක එක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි නැගී සිට බෙදීමක් ඉල්ලා සිටියේය. එහිදී බෙදීමක් අවශ්‍ය දැයි කතානායක කරු ජයසූරිය මහතා යළි ප්‍රශ්න කළ අවස්ථාවේ සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා නැගී සිට බෙදීමක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කළේය.

ඒ සමඟ පසුපෙළින් ඝෝෂාකාරී තත්ත්වයත් ඇති වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැගී සිට යළිත් වරක් බෙදීමක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කළේය. ඒ අනුව ඡන්දයකින් තොරව ජනපති වැය ශීර්ෂය සම්මත විය. එසේම ජනාධිපති, අගමැති, උපරිමාධිකරණ විනිසුරන්, පාර්ලිමේන්තුව, ස්වාධීන කොමිෂන් සභා සහ පාර්ලිමේන්තුවේ සභානායක, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධයක කාර්යාලය, විපක්ෂ නායක කාර්යාලය ඇතුළු ආයතන 22කට අදාළ වැය ශීර්ෂ මෙසේ සම්මත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *