මාර්ග 200ක් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – යහපාලන රජය විසින් සංවර්ධනය කර වැඩ අවසන් කරන ලද මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය ලබන ඉරිදා (17) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වේ.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ රන් මාවත් සංකල්පය යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු විය.

මෙම ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීමේ සමාරම්භය සටහන් කරමින් මාවනැල්ල හෙම්මාතගම ගම්පොළ මාර්ගය, මාවනැල්ල අරණායක මාර්ගය, මාවනැල්ල රඹුක්කන යන මාර්ග සහ ගම්පහ පුත්තලම දිස්ත්‍රික්ක යා කරමින් ඉදි කළ කොච්චිකඩේ නව පාලම පළමුව විවෘත කිරීමට නියමිතය.

මීට සමගාමීව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි “රන් මාවත්” මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පැවරෙන අතර ඒ වෙනුවෙන් ආයෝජනය කර ඇති සමස්ත මුදල රුපියල් කෝටි 3,000කට අධික වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *