“යාකුෂි මුතු සම්මානයෙන්“ නිල්මිණි සිගේරා පිදුම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ ඔසාකා නුවර දී පසුගියදා නිමාව දුටු 14 වෙනි ඔසාකා ආසියානු සිනමා උළෙලේදී (Osaka Asian Film Festival) උළෙලේ අති විශිෂ්ටතම රංගන ශිල්පියා හෝ ශිල්පිනිය වෙනුවෙන් පිරිනමන යාකුෂි මුතු සම්මානයෙන් (Yakushi Pearl Award) පිදුම් ලැබීමට අසෝක හඳගම අධ්‍යක්ෂණය කල “අසන්ධිමිත්තා” සිනමාපටයේ ප්‍රධාන කාන්තා භූමිකාවට පන පෙවූ නිල්මිණි සිගේරා සමත්වූවාය.

මෙහිදී ඇය, උළෙල නියෝජනය කල සියලුම තරඟකාරී සිනමාපටයන්හී රංගනයේ යෙදුනු සියලුම රංගන ශිල්පිනියන් මෙන්ම සියලුම රංගන ශිල්පීන්ද අභිබවමින් උළෙලේ අද්විතීයම රංගනය උදෙසා වූ සම්මානයට හිමිකම්කීම කැපීපෙනුනි.

“අසන්ධිමිත්තා” සිනමාපටය වෙනුවෙන් නිල්මිණි සිගේරා ලද යාකුෂි මුතු සම්මානයත් සමග ඇය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් (Long Feature Film) තුල මුදාහල රංගනය වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලද 13 වෙනි ශ්‍රී ලාංකේය සිනමා නිළිය ලෙසින් වාර්තා පොත් අතරට ද එක්වන්නීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *