‘රත්තරං‘ ඉල්ලා අස්වෙන බව කියයි

(කොළඹ, ලංකාපුවත්) –දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්ප කුමාර නොහොත් රත්තරං දකුණු පළාත් සභා මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

වයස අවුරුදු 16ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් හේතුවෙන් පසුගිය සමයේ ඔහු පිළිබඳ දැඩි කතාබහක් මතු විය.

අද (18) උදෑසන ගාල්ලේ පැවැත් වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ඔහු කියා සිටියේ පසුගිය දිනවල තමා කෙරෙහි එල්ල වු අභූත චෝදනා සම්බන්ධයෙන් කල්පනා කරමින්, මෙම තීරණය ගනු ලැබූ බව ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *