ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරයෑමේ අවධානමක්

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ , මහජනතාව වහාම දැනුවත් කර මේ සඳහා ප්‍රතිකාර කඩිනම් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන් බවයි.

ගාල්ල , කරාපිටිය රෝහල, බලපිටිය, ඇල්පිටිය සහ කඹුරුපිටිය යන රෝහල්වල ඉන්ෆ්ලූවෙන්සා රෝගීන් කිහිප දෙනෙකුම වාර්තා වී ඇත.

මෙම තත්ත්වය සතියක පමණ කාලයක පමණ රෝගීන්ගේ සුඵ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *