ෆින්ලන්තය ලොව සතුටින්ම සිටින රටවල් අතර යළි පෙරමුණට

(කොළඹ, ලංකාපුවත්) – ලොව සතුටින්ම සිටින ජනතාව ජීවත්වන රටවල් අතර යලි පෙරමුණ ගැනීමට ෆින්ලන්තය සමත් වෙයි. ඒ එක්සත් ජාතින්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවට අනුව ය.

දකුණු සුඩානය ලොව අසතුටින්ම සිටින ජනතාව ජිවත්වන රට බව එම වාර්තාවේ දැක්වේ.

දකුණු සුඩාන ජනතාවගෙන් සියයට හැටක් සෞඛ්‍යාරක්ෂිත ආහාර ගැටලුවකින් පීඩා විදිනු ලැබේ. මෙතෙක් පැවති යුද්ධය හේතුවෙන් රටතුළ මියගිය ගණන හාරලක්ෂය ඉක්මවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. එවැනි කරුණු මතයි දකුණු සුඩානය ලොව අසතුටුම රට ලෙස හදුනාගෙන තිබේ.

රටවල් 156 ක ජනතාව සමීක්ෂණයට දායක කරගෙන ඇත.

ආයු අපේක්ෂාව , ආදායම , සමාජ සවිබලගැන්වීම සහ රටතුළ ඇති සොබා සුන්දරත්වය වැනි කරුණු එහිදී සැලකිල්ලට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නෙදර්ලන්තය , ස්විට්සර්ලන්තය , කැනඩාව , නවසීලන්තය සහ ඔස්ටෙ‍්‍රිලියාවද පෙරමුණේ රැදී සිටියි. එංගලන්තය 15 වන ස්ථානයේ රැදී සිටින අතර, ඇමරිකාවට හිමිව ඇත්තේ 19 වන ස්ථානයයි.

ආසියාතික රටක් වන ඉන්දියාවට හිමිව ඇත්තේ දර්ශකයේ 140 වන ස්ථානයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *