ක‍්‍රයිස්චර්ච් හානියට පත් දේවස්ථාන ප‍්‍රතිසංස්කණය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ක‍්‍රයිස්චර්ච් ප‍්‍රහාරයෙන් හානියට පත් නවසීලන්තයේ දේවස්ථාන දෙක සිකුරාදා දේව මෙහෙයන් සඳහා ප‍්‍රතිසංස්කරණය කර තිබේ.

පින්තාරු කිරිම් සහ පිරිසිදු කිරිමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව එරට වාර්තා සඳහන් කරයි.

රටපුරා ජීවත් වන සියලු මුස්ලිම් වැසියන්ට සිකුරාදා දේව මෙහෙයන් සඳහා ආරාධනා කරන බව අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් සඳහන් කළේය. එහිදි විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් සිදුකරන ලෙසද ඇය ඉල්ලීමක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *