ත්‍රිපිටකය ලෝක උරුම ලේඛනයට ඇතුළත් කිරීමේ ක්‍රියාවලියට කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –ථෙරවාදි පාලි ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විද්වත් කමිටුවක් පත්කිරීමට පියවර ගෙන තිබේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව මහාචාර්ය ‍මැදගම්පිටිය විජිත නන්ද ස්වාමින්වහන්සේ, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී. විජිත නන්ද කුමාර්, ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් ප්‍රේමලාල් රත්නවීර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල, මහාචාර්ය කේ. ඩී. පරණවිතාන, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය පී. බී. නන්දදේව, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වත් පිරිසකගෙන් සමන්විත ය. එම කමිටු සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගිය 19වනදා පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *