දේශපාලන පලිගැනීම් පිළිබඳ පැමිණිලි 32000 ක්

(කොළඹ, ලංකාපුවත්) – දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 32000 ක් ලැබී තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය විපක්‍ෂයේ සිටි කාල සමයේදී එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වෘත්තිකයින්, පාක්‍ෂිකයින් මෙම පලිගැනීම්වලට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්‍ෂ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

මෙම විමර්ශණ පිළිබඳ පුළුල් විමර්ශණයක් සිදු කර ඇති බවත්, එහිදී ලැබී ඇති පැමිණිලිවලින් බහුතරයක් සාධාරණ ඉල්ලීම් බවට තහවුරු වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. ඒ අනුව පලිගැනීම්වලට ලක්වූ සියළු දෙනාට සාධාරණය ඉටු කිරීමට තීරණය කර ඇති බවත්, එම ගැටළු අපේ‍්‍රල් මාසය ඇතුලත විසදීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කළ බවත් මන්තී‍්‍රවරයා පැවැසීය.

පසුගියදා (21) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තමන් විසින් ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත වූ බව ද විශාල පිරිසකගේ ගැටළු විසඳිය යුතු බවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම තවදුරටත් විමර්ශණය කරමින් සිටින කාරණා පිළිබඳ දෙවනුව සලකා බැලීමටත්, එම ගැටළු හා ඉල්ලීම් සඳහා මාස කිහිපයක් තුළ විසදුම් ලබා දීමට අපේක්‍ෂා කරන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ලේකම්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *