(කොළඹ, ලංකාපුවත්) – චීනයේ පොහොර කම්හලක පිපිරීමෙන් මියගිය ගණන 47 දක්වා ඉහළ ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
චීනයේ යැන්චෙන් ප්රදේශයේ කර්මාන්තශාලාවක අදාළ පිපිරීම සිදුව ඇත.
එයින් තුවාල ලැබූ ගණන 90 කි. මැග්නටියුඩ් 2.2ක සුළු භූ කම්පනයක් පිපිරිමට හේතුව බව භෙළිව තිබෙන බව සදහන්වේ.
පිපිරීමෙන් පසු 640 දෙනෙකු රෝහල්ගත කළ බවයි ෂින්හුවා ප්රවාත්ති ඒජන්සිය සඳහන් කළේය.
මෑත කාලයේ චීනයේ සිදු වූ බරපතලම කාර්මික අනතුරුවලින් එකක් ලෙස මෙය හඳුන්වා දී තිබේ.