බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂනායක මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – වෙඩි වැදීමක් හේතුවෙන් රෝහල්ගත කර ප්‍රතිකාර ලැබූ බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල ප්‍රියදර්ශන අමරකෝන් මහතා මියගොස් ඇත.

පසුගිය බදාදා (20) උදෑසන බෙලිඅත්ත පොලිස් වසමේ පල්අත්තර දෙබොක්කාව මොදරවාල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී වෙඩි ප්‍රහාරයකට ලක්වූ මන්ත්‍රීවරයා බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබුණි.

වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරයා අද(22) අළුයම මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

මෙම වෙඩි තැබීම සිදු කළ පාර්ශවය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *