රටපුරා ඔසු සල්

(කොළඹ, ලංකාපුවත්) –ඔසුසල ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් මාතලේ සහ දඹුල්ල සඳහා නව ඔසුසල් දෙකක් ස්ථාපිත කිරීම ලබන 25 වැනිදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් සිදු කෙරේ.

ඊට සමඟාමීව කෑගල්ල, බදුල්ල, අම්බලන්ගොඩ, දර්ගා නගරය වැනි නගරවලද ඔසුසල විවෘත කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව කෙටි කාලීන සැලසුමක් යටතේ සෑම දිස්ත්‍රික්කයක් සඳහාම එක් ඔසුසලක් බැගින් සහ මධ්‍යකාලීන සැලසුමක් යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයක් සඳහාම එක් ඔසුසලක් ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට නියමිතය.

පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දෙමින් රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීමේ වැඩපිළිවෙළට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය සමග ඒකාබද්ධ වෙමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන බව එම සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *