රුපියල තවත් ශක්තිමත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – රුපියලේ අගය අමෙරිකා ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ලෝක ආර්ථික පරිවර්තනය හමුවේ පසුගිය වසර තුළ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය විය. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම විනිමය අර්බුදයට විසදුම් ලෙස කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට රුපියලේ අගය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරයි. මේ වනවිට ඩොලරයක විකුණුම් මිල රුපියල් 179 . 78ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 175 .93ක් ලෙසත් සටහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *