තිස්ස අත්තනායකට එරෙහි නඩුව අවසන් කිරීමට දෙපාර්ශවය එකඟ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය ජනාධිපතිවරයාගේ සහ වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස යොද ගනිමින් කූට ලේඛණයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොණුකර ඇති නඩුව අවසන් කිරීමට දෙපාර්ශවය එකගතාවය පල කර තිබේ.

නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා ඉදිරියේ අද(25) කැදවූ අවස්ථාවේ අදාළ පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

ඒ අනුව අප්‍රේල් 04 වනදා නඩුව යළි කැදවීමට කොළඹ මහාධිකරණය මෙහිදී නියෝග කරන ලදි.

කූඨ ලේඛණයත් මාධ්‍යට ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිලීමට උත්සාහ කිරීම සහ ජනාධිපතිවරණ ප්‍රතිඵල වලට බලපෑමක් වන ආකාරයෙන් කටයුතු කර ඇති බවට නීතිපතිවරයා චෝදනා ගොණු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *