පාකිස්ථාන 79වන ජාතික දින සැමරුම් උත්සවයක් කොළඹ දී

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්ථානයේ 79 වන ජාතික දින සැමරුම් උත්සවයක් කොළඹ දී පැවැත්වුණි.

කොළඹ ගලදාරී හෝටලයේ ඊයේ(25) පැවැති මෙම සැමරුම සංවිධාන කර තිබුනේ ශ්‍රී ලංකාවේ පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය විසිනි. අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, කථානායක කරු ජයසූරිය මහතා මෙන්ම මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම උත්සවයට එක්විය.

පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මේජර් ජනරාල් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මාට් මහතා මෙහිදී සිහිපත් කරන ලද්දේ ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර ශක්තිමත් බැඳීමක් ඇති කිරීම සදහා හිටපු අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා 1948 වසරේ දී පකිස්ථානයේ සංචාරයක නිරත වූ බවයි. ඒ අනුව සාමය සහ ප්‍රේමය පිළිබඳ සදාකාලික සාරධර්මයන්ගෙන් යුත් බුද්ධ ධර්මය හා ඉස්ලාම් ආගම්වලට අනුබල දෙමින් මෙම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවතින බව ඔහු සදහන් කළේය.

දකුනු ආසියාවේ සාමය හා සමගිය ප්රවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජයට සහය දැක්වීම පිළිබඳවද ඔහු අගය කරන ලදි.

ශ්‍රී ලංකාවේ මහා කොමසාරිස් කාර්යාලය හරහා පකිස්ථාන රජය විසින් විවිධාකාරයේ විවිධ ක්ෂේත්‍රයන් සඳහා ශිෂ්‍යත්ව 1000 ක් ප්‍රදානය කරනු ලබන අතර පීඨ සාමාජිකයන් හා සිසුන්ගේ පාඨමාලා හුවමාරු කර ගැනීම සිදු කරනු ඇති බව ද ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මාට් මහතා පැවසීය. COMSATS අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ උසස් තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා අදාල බලධාරීන් සමග සාකච්ඡා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *