සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 28වනදා

(කොළඹ, ලංකාපුවත්) –2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු 28වන දින නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් සෑම වසරකම විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සදහා නිශ්චිත දිනයක් පවත්වාගෙන යාමට ගත් තීරණය අනුව මාර්තු 28වනදා ප්‍රතිඵල නිකුත් කරනු ඇත.

පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට අ‍පේක්ෂකයින් 656,641 ක් පෙනි සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4661 ක විභාගය පැවැත්විණි.

විභාග ප්‍රතිඵල www.donets.lk වෙබ් අඩවිය ඔස්සේ ද ලබා ගැනීමේ අවස්ථාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *