කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –අපරාධ කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයෙකු ඊයේ(25) දහවල් කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ගත් සැකකරු විසින් පසුගිය පෙබරවාරි 17 වනදා කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට ද උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.

සැකකරු 36 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෂෙර්ක් මොහොමඩ් ඉර්ෆාන් නැමැති අයෙකි. ‍මොහු ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන් නොහොත් කෙසෙල්වත්තේ දිනුක යන අයගේ සමීපතම ගෝලයෙකු බවට අනාවරණය වී ඇත.

මෙම සැකකරුව අද (26) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *