විදුලි අර්බුදය සෙවීමට ජනපතිගෙන් කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –විදුලි අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍ය කමිටුවක් පත් කර තිබේ.

ඇමැතිවරුන් සිව් දෙනෙක් ගෙන් සමන්විත එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය වන රවී කරුණානායක මහතායි. කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් එම කමිටුවේ සිටින අනෙක් සාමාජිකයින් වේ.

මේ අතර පවතින වියළි කාලගුණයත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තවදුරටත් පහත බැස ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *