කැලිඩෝ තීරයේ ඉදිකිරීම් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – දැඩි මුහුදු ඛාදනය හා ගංවතුර හේතුවෙන් විනාශයට පත්වූ කළුතර කැලිඩෝ වෙරළ තීරයේ ඉදිකිරීම් ආරම්භ කර ඇත.ඒ අදියර දෙකක් යටතේය.

මීට වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 300කි.

2017 වසරේ ඇතිවූ ගංවතුර හේතුවෙන් දැඩි මුහුදු ඛාදනයක් සිදුවිය. කළු ගං මෝය හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතියට එමගින් වැඩි බලපෑමක් එල්ල විය.

මෙම තත්ත්වය මත නිරන්තරයෙන් කළු ගඟට ලබන ජලය මිශ්‍රවීමෙන්, කළුතර හා තදාසන්න ප්‍රදේශවල පානීය ජල ගැටලුවක් ද උද්ගත විය.

මීට විසඳුමක් ලෙස අදියර දෙකක් යටතේ නව ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර තිබේ. ඒ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේය.

එම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කිලෝ මීටරයක ස්ථීර ගල් වැටියක් ඉදි කෙරේ. වෙරළ තීරය සකස් කෙරෙන්නේ වැලි පොම්ප කිරීමේ ක්‍රමවේදය මගිනි. වසරකින් එහි ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *