අභියාචනාධිකරණ නව සභාපති දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – අභියාචනාධිකරණ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 9 =