වස විස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනය 30වනදා ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා ජාතික මහ සභාව විසින් සංවිධාන කරන වස විෂ නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය ලබන 30වනදා ආරම්භ වේ.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේදී අපේ‍්‍රල් මස පළමු වනදා දක්වා එය පැවැත්වීමට සැලසුම් කර ඇත.

වස විසෙන් තොර ආහාර පරිභෝජන රටාවකට ජනතාව හුරු කිරීම මෙහි අරමුණයි.

විශේෂ ජාතික සමුළුව මාර්තු 31වන දින සවස 4.00 ට බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා රංග පීඨයේ දී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + six =