සඳට ගඟනගාමීන් යැවීමට අමෙරිකාවෙන් යළි සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – තවත් ගඟනගාමීන් පිරිසක් සඳට ගොඩබැස්සවීමට සැලසුම් කර ඇති බව අමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් ප‍්‍රකාශ කරයි.

පසුගිය 26වනදා ඔහු මේ බව පවසා ඇත්තේ ජාතික අභ්‍යවකාශ කවුන්සිලයේ පස්වන රැස්වීමට එක්වෙමින් ය.

වසර පහක් ඇතුළත එය ක‍්‍රියාත්මක කිරිම අමෙරිකාවේ අරමුණ වී තිබේ. ඒ අනුව 2024 වසරේ දී මෙය ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරනු ලැබේ.

චන්ද්‍රයාගේ මෙතෙක් ගවේෂණය නොකළ ප‍්‍රදේශයක් පිළිබඳ විමර්ශනය කිරිමට චීනයට හැකි විය. ඒ අනූව නව වැඩපිළිවෙලක් ආරම්භ කිරිම සඳහා නාසා ආයතනය දැනටමත් සැලසුම් සකස් කර ඇති බව උප ජනාධිපතිවරයා පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *