සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද එයි

(කොළඹ, ලංකාපුවත්) – 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද (28) නිකුත් කෙරේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ අද පස්වරුව වනවිට ප‍්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරීමට හැකිවනු ඇති බවයි.

ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිස ප‍්‍රතිඵල නිරීක්‍ෂණය කළ හැකිය.

2018 සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් දෙසැම්බර් 03 වැනිදා සිට 12 වැනිදා දක්වා දිවයිනපුරා මධ්‍යස්ථාන 4,661 කදී පැවැත්වුණි. ඊට අයදුම්කරුවන් 656,641ක් පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *