ඇමති සජිත්ට ගෞරව නාමයක්

(කොළඹ, ලංකාපුවත්) – නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස මහතාට මල්වතු මහා විහාරයෙන් ‘ශාසන දීප නාභිමානී ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමය පිරිනැමීම ලබන 31 වැනිදා පස්වරු 2.00ට මහනුවර මල්වතු මහා විහාරයේදී සිදු කෙරේ.

බුදු සසුනට කර ඇති මෙහෙය අගයමින් සහ දැනට ක්‍රියාත්මක කරගෙන යන ‘සසුනට දිරිය’ අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීම් ඇතුළු කටයුතු අගයමින් මල්වතු පාර්ශ්වයේ මහානායක, අනුනායක, කාරක මහා සංඝසභාව විසින් මෙම ගෞරව නාමය සජිත් ප්‍රේමදාස මහතා වෙත පිරිනැමීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *