බන්ධනාගාර නියාමකවරුන් – ජේලර්වරුන් බඳවා ගැනීමක්

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර නියාමකවරුන්, ජේලර්වරුන්,හා පුනරුත්ථාපන නිලධාරීන් 1275 ක් අලුතින් බඳවා ගැනීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ යටතේ පිරිමි නියාමකවරුන් 1068 ක්, කාන්තා නියාමකවරියන් 110 ක්, දෙවන පෙළ පිරිමි ජේලර්වරුන් 69 ක් , දෙවන පෙළ කාන්තා ජේලර්වරුන් 10 ක් ,දෙවන පෙළ පිරිමි පුනරුත්ථාපන නිලධාරීන් 15 ක් හා දෙවන පෙළ කාන්තා පුනරුත්ථාපන නිලධාරීන් 03ක් වශයෙන් බදවා ගැනීමට නියමිතව තිබේ.

මේ සඳහා ඉල්ලුම්පත් කැඳවිමේ නිවේදනය හෙට (29) රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලබන බවත් අයදුම් පත් භාර ගැනීම අප්‍රේල් මස 22වනදා අවසන් කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *