වැසි ඉල්ලා විශේෂ පැන් පූජාවක්

(කොළඹ, ලංකාපුවත්) – නිසි කලට වැසි ලැබි විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ජලයෙන් පිරී විදුලිබල උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් බලාගාර ආශ්‍රිත ජලාශයන්ගෙන් ලබාගන්නා පැන්, ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ වෙත පූජා කිරීමේ වාර්ෂිකව සිදුකෙරෙන පැන් පූජා මහෝත්සවය, අද(28) පැවැත්වේ.

විදුලිබල හා බලශක්ති, ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

අද ප.ව. 03.00ට මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබේ.

එසේම හෙට(29) උදෑසන ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස සතර වාහල්කඩ කිරි ඉතිරවීම සහ උඩමළුව විහාරස්ථානයේ දී මහා සාංඝික දානයක් ද පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *