මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය 08වනදා ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ලබන මස අට වනදා ජනතා අයිතියට පත්කරන බව නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ පි‍්‍රයන්ත දීගල මහතා පැවසීය.

පරික්ෂණ දුම්රියක් ඊයේ (31) ධාවනය කර තිබේ. එම පරීක්‍ෂණ දුම්රිය චාරිකාව සාර්ථක බැවින්, එම මාර්ගයේ දුම්රිය ධාවනයට සියලු කටයුතු සූදානම් බව පි‍්‍රයන්ත දීගල මහතා කියා සිටියේය.

මාර්ගයේ ඉදිකිරිම් සඳහා නවීන තාක්ෂණය යොදාගෙන ඉදිකිරීම් සිදු කර ඇත.

දුම්රිය මාර්ගය විවෘත කිරිමෙන් අනතුරුව බෙලිඅත්ත සිට දුම්රිය ගමන් වාර හතරක් ධාවනය කිරිමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *