රුසියාවේ දෙවන විශාලතම ගුවන් සමාගමේ සම – හිමිකරු ගුවන් අනතුරකින් මරු‍ට

(කොළඹ, ලංකාපුවත්) –රුසියාවේ දෙවන විශාලතම ගුවන් සමාගමේ සම හිමිකරු වන නටාලියා ෆිලේවා ගුවන් යානා අනතුරකින් මියගොස් ඇත.

රුසියාවේ ධනවත් කාන්තාවන් අතරින් එක් අයෙකු වන ඇය සයිබේරියා ගුවන් සමාගමේ සම හිමිකාරිනියකි.

ඇය ගමන් ගත් පෞද්ගලික ගුවන් යානය ජර්මනියේ ෆ‍්‍රැන්ක් ෆ්ර්ට් ගුවන් තොටුපොළේදී අනතුරට ලක්ව ඇති තිබේ. අනතුරෙන් යානයේ ගමන් කළ තවත් අයෙකු සහ ගුවන් නියමුවා ද මියගොස් ඇතැයි වාර්තා වේ.

අනතුරට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නොමැත.

ෆිලේවා මිය යන විට 55වැනි වියෙහි පසු විය. ෆෝබ්ස් සඟරාව අනුව ඩොලර් දශ ලක්ෂ 600 ක් ඇයගේ වත්කම් ලෙස දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *