වෙඩි ප්‍රහාරයකින් රැප් ගායක නිප්සෙ හස්ල් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු රැප් ගායක නිප්සෙ හස්ල් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ඔහුගේ රෙදිපිළි අලෙවිසැලට පිටතින් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. එහිදි තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වෙඩි වැදී තුවාල ලැබූ නිප්සෙ හස්ල් ගත කිරීමෙන් පසු මිය ගිය බව ලොස් ඇන්ජලීස් ටයිමිස් වාර්තා කරයි. මිය යන විට ඔහු 33වැනි වියෙහි පසු විය.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නොමැති අතර එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

නිප්සෙ හස්ල්ගේ ගීත ඇල්බමයක් වන ‘Victory Lap‘ මේ වසරේ ග්‍රැමී සම්මාන උළෙලේදී හොඳම රැප් ඇල්බමය සඳහා නිර්දේශය ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *