ඩුබායිවලින් පිටුවහල් කළ තවත් දෙදෙනෙකු ශ‍්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –මාකදුරේ මධුෂ් නමැති අපරාධ කල්ලි සාමාජිකයා සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු එරටින් පිටුවහල් කර තිබේ.

අද(02) අලුයම යූ එල් 226 දරණ ගුවන් යානයෙන් කටුණායක ගුවන් තොටුපොල වෙත පැමිණි මෙම පුද්ගලයන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් සහ වීරසිංහගේ ලංකා රජිත පෙරේරා යන දෙදෙනා පිටුවහල් කිරීමෙන් පසු මෙලෙස අද දිවයිනට පැමිණ තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *