අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක්

(කොළඹ, ලංකාපුවත්) –අප්‍රේල් මස 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මේ සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මෙවර 13 වන දින හා 14 වන දින සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති අතර, 15 වන සඳුදා දිනය වෙළඳ නිවාඩුවක් ලෙස පමණක් පැවතුණි.

මෙම අනුමැතිය සමඟ එය රජයේ නිවාඩු දිනයක් බවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *