පළමු පාසල් වාරය ලබන 05වනදා අවසන්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු වාරය අනිද්දායින්(05) අවසන් වේ. දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ අප්‍රේල් 22 වනදාය.

පළමු පාසල් වාරය සිකුරාදායින් අවසන් වන අතර මුස්ලිම් පාසල් සදහා පළමු පාසල් වාරය අවසන් වන්නේ ලබන 11 වනදායි. එම පාසල් යළි ලබන 17 වනදා විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම පාසල් වාරය අවසන් වීමට පෙර හා දෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර දීපව්‍යාප්ත පාසල් ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ඩෙංගු මර්දන ශ්‍රමදාන පවත්වා පාසල් පරිශ්‍ර ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාප බවට පත් කිරිමට විදුහල්පතිවරුන් කටයුතු කරනු ඇතෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + seven =