(කොළඹ, ලංකාපුවත්) – ඉතියෝපියා ගුවන් නියමුවන් අනතුරට පෙර බෝයිං යානා උපදෙස් කි‍්‍රයාත්මක කර ඇති බවට හෙළිව තිබේ.
කෙසේ නමුත් අනතුර වළක්වා ගැනීමට එම උපදෙස් ප්‍රමාණවත් නොවූ බවයි එරට බලධාරින් ප්‍රකාශ කළේ. පසුගිය මාර්තු මස 10 වනදා සිදුවූ ගුවන් අනතුරෙන් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
බෝයිං සමගමේ 737 මැක්ස් යානා සම්බන්ධයෙන් හඳුන්වා දී ඇති හදිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කළ ද ජෙට් යානය පාලනය කිරීමට අසමත් වූ බව වාර්තා වී තිබේ.
අනතුරට පත් යානාවේ කළු පෙට්ටියේ දත්ත මත සිදු කළ පර්යේෂණ අනුව මේ බව සොයා ගෙන ඇත. ඉකුත් සඳුදා මේ පිළිබඳ මූළික වාර්තාවක් ඉතියෝපියාවේ ප්‍රවාහන අමාත්‍යංශ විසින් නිකුත් කර තිබු බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම තත්ත්වය මත බෝයිං යානා සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තැබිම අසීරු බව ඉතියෝපියා බලධාරින් පෙන්වා දී ඇත.