වගකීමෙන් යුතු ඩිජිටල් පුරවැසියන් බිහිකරන සර්වෝදය -Fusion ‘IT යහමඟ‘

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාලය හා සමාජජාලයන් වගකිවයුතු ලෙස පරිහරණය හරහා පාසල් දරුවන්ට ඩිජිටල් සාක්ෂරතාව ලබාදීමේ අරමුණ පෙරදැරිව විදුහල්පතිවරුන්, උප විදුහල්පතිවරුන්, අංශ ප්‍රධානීන් හා ශිෂ්‍ය උපදේශකයන් දැනුවත් කිරීමට ‘IT යහමඟ‘ වැඩසටහනෙහි තවත් පියවරක් නොබෝදා දියත්කෙරිණි.

‘IT යහමඟ‘ යනු දරුවන්, ගුරුවරුන් සහ දෙමව්පියන් ඇතුළු විවිධ සමාජීය පැතිකඩ හරහා ධනාත්මක බලපෑමක් ඇති කරමින් සහ දැනුවත් කරමින්,අනාගත පරම්පරාව වගකීමෙන් යුත් ඩිජිටල් පුරවැසියන් බවට පත් කිරීමට උපකාරීවන පුළුල් වැඩසටහනකි.

සංවර්ධනය වෙනුවෙන්තොරතුරු සහසන්නිවේදන තාක‍ෂණය (ICT4D)යොදා ගැනීමේ අරමුණින් යුතුව වර්ෂ 2007 පටන් ක්‍රියාත්මකවන සර්වෝදය-Fusion ආයතනය තම ක්‍රියාකාරකම් මගින් අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශයන්ට ඩිජිටල් සාක්ෂරතාව , ඩිජිටල් ප්‍රවේශය හා ඩිජිටල් ප්‍රතිලාභ ලබාදීම සිදුකරයි. ‘IT යහමඟ‘ වැඩසටහන විවිධ ප්‍රජාකොට්ඨාසයන් ඉලක්ක කරගනිමින් හා ඔවුන්ට සරිලන පරිදි නිර්මාණය කර ඇති අතර එහිදි වැඩි අවධානයක් පාසල්දරුවන් කෙරෙහි යොමුකර ඇත.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය ලැබෙන අතර නොබෝදා කුරුණෑගලදී පැවැති වැඩසටහනට පාසල් 65ක් නියෝජනය කරමින් අධ්‍යාපනඥයින් 150කට අධික පිරිසක් සහභාගි විය.

සර්වෝදය-Fusion සාමාන්‍යාධිකාරි මෛත්‍රී මල්වත්තේගොඩ මහත්මිය අදහස් දක්වමින්, “පුළුල් වූ ශ්‍රී ලාංකික සමාජයේ, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාල භාවිතය හා සමාජ ජාල පිළිබඳ තියෙන්නෙ ඍණාත්මක දෘෂ්ඨි කෝණයක්. මේනිසා බොහෝ පාසල් මෙන්ම දෙමව්පියන් අන්තර්ජාල භාවිතය හා සමාජජාලයන් තුළ සැරිසැරීමට තහංචි පැනවීමෙන් ඔවුන්ට ඉගෙනගැනීමට ඇති වටිනා අවස්ථා ගිලිහීයනවා. කෙසේ වෙතත් නවලෝකයට අවශ්‍යවන්නෙ ඩිජිටල් දැනුම හා එහි ක්‍රියාකාරී පුරවැසියන්. අහිතකර බලපෑම් අවම කිරීම හා ඩිජිටල් මෙවලම් ඥානාන්විතව අයුරින් භාවිත කිරීම පිළිබඳ දැනුවත් කිරීම රජය, තාක්ෂණික ආයතන හා ප්‍රජා සේවා සංවිධාන වෙත පැවැරුණු කාර්යභාරයක්. 2015 වසරේ අපි‘IT යහමඟ‘ ආරම්භ කළ කාලයේ පටන් පසුගිය කාලය පුරාවට වෙනස් වෙමින් පවතින දෘෂ්ඨිකෝණයන් තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර තිබෙනවා“ යැයිපැවැසීය.

තාක්ෂණික මෙවලම් හා යෙදුම්වල වේගවත් විකාශනයත් සමඟ වගකිවයුතු ඩිජිටල් පුරුවැසියන් බවට පත්වීමට හා නිවැරදි අවශ්‍යතාවන් සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ මහජනයාඉගෙන ගත යුතු වේ.මෙම ඩිජිටල් යුගයේදී ආරක්ෂාවන ආකාරය, උපකාර හා සහාය ලබාගත හැකි මූලාශ්‍රයන් පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා ‘IT යහමඟ‘කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 5 =