‘වෙලේ සුදා‘ගේ මරණ දඬුවම අභියාචනාධිකරණය ස්ථිර කරයි

(කොළඹ, ලංකාපුවත්) – හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා‘ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් ස්ථිර කරයි.

අදාළ දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව අද(05) ලබා දුන්නේය.

2008 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබාගෙන මේ චෝදනාවට වරදකරු කෙරෙන වෙලේ සුදා නමැත්තාට කොළඹ මහාධිකරණය මඟින් 2015 වසරේදී මරණීය දණ්ඩනය පනවන ලදි.

මහාධිකරණය මඟින් තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෙලේ සුදා විසින් අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සඳහන් කර සිටියේ කර සිටියේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *