අලුත් අවුරුදු සමයේ ජලය කප්පාදු නොකරයි

(කොළඹ, ලංකාපුවත්) – අඛණ්ඩ ජල සැපයුමට මේ දිනවල වරින්වර බාධා සිදුවුවද සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද යෙදී ඇති දිනවල එවැනි බාධා ඇති නොවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

සුදුසු පරිදි කළමණාකරණය කර එම දිනවලදි සියළු ප‍්‍රදේශවලට අඛණ්ඩ ජල සැපයුමක් පවත්වා ගැනීමට කටයුතු කරන බව දැනුම් දෙනු ලැබේ.

කෙසේවෙතත් ඉදිරි දින කිහිපයේදී ඇතැම් ප‍්‍රදේශවලට වරින්වර ජල සැපයුම නතරවීම හෝ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීම තවදුරටත් සිදුවනු ඇතැයි ද සදහන් කෙරේ.

එසේම ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් නැවත ඉල්ලා සිටින බවද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *