අනුරාධපුර පූජා භූමියට හෙළ බොජුන් හලක්

(කොළඹ, ලංකාපුවත්) –අනුරාධපුර පූජා භූමියට පැමිණෙන සැදැහැවතුන් සඳහා පහසුවෙන් පෝෂ්‍යදායි සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් සපයා ගැනීමේ පහසුව සදහා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය පිවිසුම අසල හෙළ බොජුන් හලට මුල්ගල් තබයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07වනදා එම කටයුත්ත සිදු කෙරිණි.

තරඟකාරි ජීවන රටාවක සිරවී සිටින ජනතාව වෙත පහසුවෙන් පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම, දුර ගමන් බස් සේවා මඟී හුවමාරු මධ්‍යස්ථාන වල හෙළ බොජුන් හල් පිහිටුවීමෙන් සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් මඟී ජනතාව වෙත ලබාදීම, රටේ සමස්ත ජනග්‍රහණයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් අයත් වන කාන්තාවන්ගේ ආදායම් තත්ත්වය ඉහල නැංවීම සහ ඔවුන් ජාතික ආර්ථිකයට සක්‍රීය ලෙස දායක කර ගැනීම අරමුණු කොට ගෙන කාන්තාවන් සදහා සුවිශේෂි වූ වැඩසටහනක් ලෙස දිවයින පුරා මෙම හෙළ බොජුන් අලෙවි සල් පිහිටුවනු ලැබේ.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය පිවිසුම අසල හෙල බොජුන් හලට මුල්ගල තැබීමේ අවස්ථාවට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන්, වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක යන මහත්වරු ඇතුළු දේශපාලනඥයන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගීව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *