මධුෂ් මේ සතිය තුළ දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද (09) කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට එරෙහි නඩුව අද කැඳවු අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *