(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන උත්සව සමය තුළ විශේෂ මෙහෙයුම් සිදුකරන බව පොලිසිය සදහන් කරයි.
ඒ අනුව මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රථ වාහන පොලිස් නිලධාරීන් 8000ක් පමණ දිවයින පුරා
රථ වාහන රාජකාරී සඳහා යොදවනු ඇත.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මක ය. වැටලීම් සඳහා ශ්වසන වායු උපකරණ 25,000ක් අද(09) සිට පොලිස් ස්ථානවලට බෙදාහරින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එසේම මාර්ග අනතුරු වැළැක්වීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නේය.