පෞද්ගලික බස්‌ රථ සේවක සංගමයට විරෝධය

(කොළඹ, ලංකාපුවත්) – රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර සිටියි.

එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත. එම සම්පූර්ණ මාධ්‍ය නිවේදය පහත දැක්වේ.

රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර සිටිමු.

බස් රථ බොහෝමයක් තරඟකාරි ලෙස ධාවනයේ යෙදීම ඇතුළු, මගී ජිවීත අවධානමකට ඇද දමන බොහෝ ක්‍රියාකරකම් වල නිරත විම සහ ඒවායින් සිදුවන අනතුරු අද වන විට සුලභ කාරණයක් බවට පත් වී ඇත.

බස්‌ රථ සේවක සංගම් විසින් චෝදනාකරන ආකාරයට දඩ ගාස්‌තු ඉහළ දැමීම නිසා රියදුරන් අපහසුතාවට පත්වන බව මිත්‍යාවක් බව අප සංගමයේ විශ්වාසයයි.

එසේම යම් බස් රථයක් මාර්ග නීති කඩකරමින් ධාවනය නොකරන්නේ නම් දඩ ගෙවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර බස්‌ රථ සේවක සංගම් විසින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරමින් ඉල්ලා සිටින්නේ රථ වාහන වැරදි කිරීමේ නිදහස බව අපේ විශ්වාසයයි.

එම නිසා බස් රථ සඳහා දඩ ගාස්‌තු පහල දැමිමට රජය කටයුතු කළහොත් එය වැරදි සඳහා දෙන අනුබලයක් බව ද අප හැඟිමයි.

එම නිසා මගී ජිවිත ආරක්ෂා කරගැනිම වෙනුවෙන් දඩ අයකරගැනිමෙන් නොනැවතී, දිගු කාලින සහ තිරසාර විසඳුම් හඳුන්වා දීමට රජය විසින් කටයුතු කළ යුතු බව ද, බස් රථ සඳහා දඩ ගාස්‌තු පහල දැමිම කිසිසේත්ම නොකල යුතු බව ද අප අවධාරණය කරනෙමු.

සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *