ජනපති මාධ්‍ය සම්මාන උළෙල අදයි

(කොළඹ, ලංකාපුවත්) – ජනපති ජනමාධ්‍ය සම්මාන උළෙල අද (10) කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.

ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගැයීමේ අරමුණින් පැවැත්වෙන පළමු “ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල – 2018” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහි කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම මෙම සම්මාන උළෙලේ මුඛ්‍ය පරමාර්ථය වන අතර මෙය වාර්ෂිකව පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි සහ වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රයන්හි නියැළී සිටි ගෞරවණීය බුහුමනට පාත්‍ර විය යුතු සිවු දෙනකුට දිවියේ එක් වරක් පමණක් පිදෙන ජූරියේ විශේෂ සම්මානයෙන් අද සම්භාවනාවට පාත්‍ර වෙති. ඒ අනභිභවණීය ඇගැයීම මෙවර පළමු ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී පුවත්පත් ක්ෂේත්‍රයෙන් ලබාගැනීමට නියමිතව ඇත්තේ කලාකීර්ති එඩ්වින් ආරියදාසයන් වේ.

ගුවන්විදුලි ක්ෂේත්‍රයෙන් කරුණාරත්න අමරසිංහ ද, රූපවාහිනී අංශයෙන් ලූෂන් බුලත්සිංහල ද, පිදුම් ලබති. වෙබ් මාධ්‍ය අංශයෙන් ලක්ෂ්මන් ජයවර්ධන බුහුමන් ලබති.

මීට අමතරව මේ ක්ෂේත්‍ර 4ක දක්ෂයෝ ඇගැයීමට සම්මාන 47ක් පිරිනමනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *