දලයි ලාමා රෝහල් ගත කරයි

(කොළඹ, ලංකාපුවත්) – දලයි ලාමාතුමන් රෝගී තත්ත්වයක් හේතුවෙන්ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රෝහලකට ඇතුළත් කර ඇත.

83 හැවිරිදි ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි ලාමා පසුගිය කාලය පුරාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ අඩුවෙනි. ඒ, අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා වෙනි.

‘දලයි ලාමාතුමන්ට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් පවසන්නේ, එතුමන් පෙනහළු ආසාදන තත්ත්වයකට ගොදුරු වී සිටින බවය. අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරු පියවර ගෙන තිබෙනවා. සති දෙක තුනක් එතුමන්ට රෝහල්ගතව සිටීමට සිදුවේවි’ යැයි දලයි ලාමාතුමන්ගේ පෞද්ගලික සහායක ටෙන්සිං ටකල්හා, පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේය.

1950 වසරේ ටිබෙට් දේශය චීනය විසින් ආක්‍රමණය කිරීමෙන් පසු චීනයෙන් එල්ල වුණු කෙණෙහිලිකම් හමුවේ, ටිබෙට් දේශයෙන් පලා ආ දලයි ලාමාතුමන් ඉන්දියාවේ ධර්මශාලා නුවර ආශ්‍රමයක ජීවත් වේ.

චීන බලධාරීන් දලයි ලාමා සලකන්නේ බෙදුම්වාදී අදහස් පතුරුවන්නකු ලෙසය. ටිබෙට් දේශයට නායකයකු පත් කිරීම චීනය විසින් සිදු කරනු ඇතැයි චීන බලධාරීහු පෙන්වා දෙති. කෙසේ නමුත් දලෙයි ලාමා තුමන් පෙන්වා දී ඇත්තේ චීනය නම් කරන කිසිදු නායකයතු ටිබෙට්වරුන් පිළිගන්නේ නැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *