තට්ටුගෙවල් මිලදී ගැනීමේදී සැළකිලිමත් වන්න

(කොළඹ, ලංකාපුවත්) – පරිසර සහතික හොරට ගත් තට්ටුගෙවල් (Apartment )රට පුරා පවතින බවත් තට්ටුගෙවල් මිලදී ගැනීමේදී සැළකිලිමත් වන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය දැනුම් දීමක් කරනු ලැබේ.

එම ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනුයේ, මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ලාභ උපයන ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ Apartment හෙවත් තට්ටු නිවාස සාදා විකිණීමේ ව්‍යාපාරයයි. මෙවැනි තට්ටු නිවාස සෑදීම සදහා ආයතන කිහිපයකින් නිසි අවසර පත් ලබා ගත යුතු වුවද ඇතැම් සමාගම් ඉදිකරනු ලබන මෙවැනි තට්ටු නිවාස සදහා ගත යුතු අවසර ලබා ගෙන ඇත්තේ නීත්‍යානුකූල නොවන ආකාරයට බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් කරන ලද සොයා බැලීමකදී තහවුරු වී ඇත.

බස්නාහිර පළාතේ මෙවැනි තට්ටු නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති 500 ක් සදහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර ලබා දී ඇති අතර ඒවායින් සමහර තට්ටු නිවාස ව්‍යාපෘති සදහා අවසර ලබා දී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය නිළධාරීන් පවා දැනුවත් නැත. එහෙත් අදාල අනුමැතිය සදහා මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය නිළධාරියාගේ අනුමැතිය අත්‍යවශ්‍යය.

සාමාන්‍යයෙන් මෙවැනි තට්ටු නිවාස සදහා පාරිභෝගිකයා මුදල් ගෙවනු ලබන්නේ තට්ටු නිවාස ඉදිකිරීමට ප්‍රථමය. එම නිසා ශ්‍රී ලංකාවාසී සියලු පාරිභෝගිකයින්ගෙන් මෙවැනි තට්ටු නිවාස මිලදී ගැනීම සදහා මුදල් ආයෝජනය කිරීමේදී ප්‍රවේශම් වන ලෙස ඉල්ලීමක් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *